දවසකට බස් එකේ නැත්නමි කෝච්චියේ යනකොට අපි මොනතරම් කාලය නාස්ති කරනවද? එහෙම නාස්ති කරන කාලයෙන් බිංදුවක් යොදාගෙන මගේ බ්ලොග් එක ලියන්න පුළුවන් නේද කියලා මට එකපාරටම හිතුනා.
මේක ලියන්න වෙන්නේ පොඩි ෆෝන් එකකින් හින්දා සෑහෙන පෙරහුරුවක් ඕනෑ වෙයි. ඒක අභියෝගයක් තමයි. ඒත් ඒ අභියෝගය ජයගන්න පුළුවන්වෙයි කියලා මට හිතෙනවා.
ඕන්න එහෙනං වැඩේ පටන්ගත්තා.
ජයවේවා......!
Friday, 19 February 2016
අළුත් අදහසක් අාවා...
Saturday, 19 April 2014
Friday, 23 July 2010
Missed Call & Blank e-mail
ගෙවන නුඹ නැති ජීවිතේ
දුක දරාගෙන නිදන්නම්
මතකයට තුරුළුව හදවතේ
දඟකරන්නට එපා
මං ඇහැරවන්නට එපා
මැදියම් රැයේ - වැරදිලාවත්
මට දුක හිතෙයි
නුඹ ගිහින් වග
වැටහුනෝතින් - බැරිවෙලාවත්..!
ජීවිතේ කඳුළක්..
ආදරේ සුසුමක්...
කලාතුරකින් මං මතක් වී
එවන හිස් ලියුමත්..
සත්තකයි "කවියක්".... !
chandana_jayakody@yahoo.com
Monday, 4 January 2010
සඳ එළිය, ඔබ සහ මම (කෙටි ම කෙටි සටහනක්..............................)
ජීවිතේ හැටි එහෙම තමයි. සදාකාලිකයි කියලා අපි හිතපු හුඟක් දේවල් වෙනස් වෙන්න යන්නේ තත්පර ගාණක් විතරයි.
කතාවක් ලියන්න පටන්ගත්ත හැම දවසක ම ලියන්න කලින් මම හිතින් මුමුණපු දෙයක් තියෙනවා. ඒත් ආයේ කවදාවත් මේ දේ ගැන නොලියන නිසා හැම දේකටම කලින් මුලින් ම මගේ හිතට එන මේ වචන ටික මම අද මෙතන ලියනවා.........
මේ සීත කුටීරේ ....මේසයක් මතට නැග
පුරා දින-සති-මාස, අවුරුදුත් ගණනක් ම
පිපාසිත මුව හයා සිටි
මගේ උල්පත් පෑන් තලයට - කඳුළු පිරවූ
සඳු ට
ආදරයෙනි..
කාලය වේගයෙන් පියඹාගෙන යනවා. ඉගිල්ලිලා යන කාලය දිහා උපේක්ෂාවෙන් බලන් හිටපු හැම දවසක ම ආදරය, ගැන මට කියල දුන්නු ගොඩදෙනෙක් ව මතක්වෙනවා. ඒ අය අතරින් එක්තරා කාලෙක මට හිටපු ,හොඳ ම යාළුවා, (හෙවත් හැමදාම මාත් එක්ක රණ්ඩු වුනු මගේ තරහාකාරයා) මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
ඇත්තම කියනවා නම් අපි හැමදාමත් රණ්ඩුවුනා. කෙළවරක් නැතුව, දිගින් දිගට ම සමහර වෙලාවට කිසිම හේතුවක් නැතුවත් අපි රණ්ඩුවුනා. අපි හොඳටම බැන ගත්තා. අපි දෙන්නා ගැන දන්න කවුරුවත් විනාඩි 2 - 3 කට වඩා අපි රණ්ඩු නොවී ඉඳියි කියලා විශ්වාස කලේ නැහැ.
ඒත් සඳුගේ එක හොඳ පුරුද්දක් මට කවදාවත් ම අමතක වෙන්නේ නෑ. කොයිතරම් රණ්ඩු සරුවල් වුනත් සඳු කවදාවත් ප්‍රසිද්ධියේ මාව අවමානයට ලක්කලේ නැහැ. සාදයක දී එහෙමත් නැත්නම් යාළුවො කට්ටිය සෙට් වෙන තැනකදී හැමදාමත් මං ලඟින් ම හිටියේ සඳු. අපි අතර තියෙන ගැටුම් මතවාදීමය ඒවා මිසක් පෞද්ගලික ඒවා නොවන බව පෙන්වන්න එයා හැමවිටම උත්සාහ කලා. (ඒත් ඇත්ත කතාව නම් අපි බෝහෝවිට රණ්ඩුවුනේ සිද්ධිමය කාරණා වලට. අද මට දැනෙන විදිහට ඒවට වැඩියක් හේතුවුනේ මගේ තිබුනු ඔලමොට්ටල ඊරිසියාව සහ ඊටම අදාල වෙනත් අවශේෂ කාරණා.) සමහර රණ්ඩු ගොඩාක් දුරදිග ගිහිල්ලා මගෙ හිත හොඳටම රිදිලා ඉන්න වෙලාවට, තමන්ගේ තත්වය ගැන මොහොතක්වත් නොසිතා, සාමාන්‍යයෙන් කිසිම යාළුවෙක් නොකරන තරම් කැපකිරීමක් වුනත් ප්‍රසිද්ධියේ මං වෙනුවෙන් කරන්න එයා ලෑස්තිවෙලා හිටියා.
පුංචි ම පුංචි දේටත් තරහාවෙලා, අනිත් එකා මැරෙන්න වැටිලා හිටියත් බලන්නෙවත් නැතුව ඉන්න අදකාලේ සමහර යාළුවෝ දකින හැම මොහොතක ම, මට සඳු ව මතක් වෙනවා. එතකොට ඒ කාලේ අහපු නාට්‍ය ගීතයක් මගේ හිතට එනවා. ඒ වෙලාවට පදයක් දෙකක් එහාට මෙහාට කරලා මං ඒ සිංදුව හිතින් කියනවා.
ඉර හඳ කඩාගෙනවුත් පාමුල තබමි සත්තයි...
සිත් මල් යාය නොතැළූ
හොඳ යාළුවෙක් උන්නා...........
සක්වල ගලට මෙපිටින්...
හරියට ම ,ඇට මැස්සා, පොතේ ,ආතර් සහ ජිම්, වගේ වගේ අපි එකිනෙකා ට අසීමිත ලෙස ගෞරව කලා. සඳු ට XXXXX රෝගය තියෙනවා කියලා දැනගත්ත වෙලාවේ මම හොඳටම ඇඬුවා. ඒත් කිසිම ගානක් නැතුව එයා මගේ ලඟට ඇවිත් මෙහෙම කිව්වා , `බය වෙන්න එපා හලෝ.... මම මැරෙන්නේ නැහැ` . එයා ඒක කිව්වේ හරියට පොරොන්දුවක් වෙනවා වගේ. කවදාවත් ම පොරොන්දුවක් කඩකරලා නැති සඳුව එදා විශ්වාස කලේ නැති එක ගැන අද මම ලැජ්ජා වෙනවා .එයා ඒ පොරොන්දුව ඉෂ්ඨ කලා. සීතල මරණය ඉතාමත් අභියෝගාත්මක විදිහට පරාජය කලා.
මගේ යාළුවා ඒ වගේ කෙනෙක්. එයා මට විතරක් නෙමෙයි හැමදේට ම, ස්වභාවධර්මයට පවා අභියෝග කලා. නිර්භිත මිනිසුන් ට ස්වභාව ධර්මය පවා හිස නමන බව මම සඳුගෙන් ඉගෙනගත්තා. ඒත් හිතාගන්නවත් බැරිතරම් සමහර අවදානම් වැඩ කලේ ඇයි කියලා මම අහපු ප්‍රශ්නෙට උත්තරේ එයා මට දුන්නේ අන්තිම දවසේ දි. `මාව මොන අමාරුවක වැටුණත් ඔයා මාව බේරගනියි කියන විශ්වාසය මට තිබුණා`. එයා ඒක කිව්වේ හිනාවෙවී.......... ඒ වෙලාවෙ නම් මට එයාගේ බෙල්ල මිරිකන්න හිතුනා.
ඊට අවුරුදු ගාණකට පස්සේ ඊයේ පෙරේදා දවසක ...... එයා ආයෙත් මට කතා කලා.
`අඳුරන්න පුළුවන් ද`.... එයා මගෙන් ඇහුවා. `කවදාවත් ම නැති තරමට අද මට ඔයාව වැටහෙනවා` කියලා කියන්න හිතුනත් මම එහෙම කිව්වේ නෑ.
`මට අර කම්මුල් පාර තාම රිදෙනවා.....` සඳු එහෙම කිව්වේ හිතේ හංගගෙන හිටපු සියුම් වේදනාවකින් කියලා මට හිතුනා. එතකොට ආයෙමත් මට ඇට මැස්සා, පොත මතක් වුනා......
"And so, you see, my dear, you had no need to break your heart over that old story of the blow. It was a hard hit, of course; but I have had plenty of others as hard, and yet I have managed to get
over them,--even to pay back a few of them,--and here I am still, like the mackerel in our nursery-book (I forget its name), 'Alive and kicking, oh!' This is my last kick, though; and then, to-morrow morning, and--'Finita la Commedia!' You and I will translate that: 'The variety show is over'
ජීවිතයේ අවසන් වරට අප මුණගැහෙන දින නිසැකව ම ඔබට ඇය හමුවනු ඇත. ශෝකී මුහුණු වලින් යුතුව එකිනෙකා පසුපස ඇදෙන මිනිසුන් අතර හිනැහෙමින් සිටින කිසිවෙකු ඔබ දකින්නේ නම් ඒ ඇයයි. හැඬුම් වැලපුම් සියල්ල අවසන සියල්ලෝ ම නැවත සිනාසෙන්නට පටන්ගත් විට කිසිවෙකුටත් වටහාගත නොහැකි ලෙස ඉකිබිඳින්නේත්, මුමුනන්නේ ත් ඊට සුළු මොහොතකට කළින් සිනාසුනු තැනැත්තියම බව ඔබට හඳුනාගත හැකිවනු ඇත.
මල හිරු බැසයන ඒ මොහොතේ මදක් පසු පසට ආපසු ඇවිද එන ඔබට ප්‍රේමකීර්ති ද අල්විස් ගේ සොහොන් කොත සොයාගැනීමට අපහසු නොවනු ඇතැයි මම සිතමි.... එහි මෙසේ ලියා තිබේ.....
`විසල් මතක මැද - පහන් තරුව ඔබ
බොඳවුන සිහිනෙක - අරුණෝදය ඔබ
වැලපෙන වෙරළට - දිය බිංදුව ඔබ
වියැළුණු කතරට - සිනහ සිහිල ඔබ
ප්‍රේම පරාදීසේ................ `
chandana_jayakody@yahoo.com
Sunday, 27 December 2009
එළිය හඳුනන රූ කුරුල්ලා ගේ කවිය

ඉදින් මේ තිත්ත කළුවරේ
තාරුකා නෙතු පියන් වැසුනා
පිපුණු සේපාලිකා මල් මතට
පිණි කඳුළු කැට හෙමින් වැටුනා...
දුවේ නුඹ නිදි අතර
ආකහේ මහ හඬින් හැඬුවා
අවරගිර සැඟවගිය සිහිනයක
මතක බණ යන්තමින් ඇසුනා...
මැදියමේ සඳු හෙලූ තුසර බිඳු
අම්මගේ නෙතු කොනෙක රුඳුනා
කවුළුවෙන් ඇදී ආ හිරිකඩක
තාත්තාගේ සුවඳ තිබුනා....
හැමදාම අපිට හූ කියා යන
යකඩයා රවාගෙන ඇදුනා
දුර ඈත බමර හඬ ඇහුනු විට
අදත් මගෙ හිත කීරි ගැහුනා
................
........
හීනෙනුත් 'නේරංජනා නදිය'
"ඉදින් එන්න.." යි කියා කොඳුරයි..
දමා යන්නට නොහැකි එක ම දේ
නුඹේ ඔය කිරි සුවඳ විතරයි !
අපි හරියට කළුවරේ පියාඹන කුරුල්ලෝ වගේ කියලා මට හිතෙනවා. එක රූනට එකට පියාසර කලත් අපේ දෙපැත්තෙන් ඉන්නේ කවුද කියලා කළුවර නිසා අපිට පේන්නේ නෑ. තටු රිදෙන, හිත රිදෙන හැම මොහොතක ම අපි ආදරේ ම අය අපේ දෙපැත්තෙන් ම ඉන්නවා කියලා හිතාගෙන අපි පියාඹනවා.
එ'ත් රූ එලිවෙලා, යන්තමින් ඉර එලිය වැටෙන කොට අපේ ආදරණීයයන් අපි ලඟ නැතිබව අපිට පේනවා. කවදාවත් ඉර පෑයුවේ නැත්තන් හොඳයි කියලා හිතෙන්නේ එ' වෙලාවට. එතකොට අපිට හිත රවටාගෙන උනත් ගොඩාක් දුර පියාඹන්න පුළුවන්.
"ඇස් දෙක පියාගෙන ඉගිල්ලෙන කිරිල්ලී.... හිම කුණාටු වලින් බේරාගෙන උඹව කුඩුවට ඇරලන්න මට පුළුවන්. එ'ත් ඇසිපිය විවරවෙන මොහොතකින් බිඳී සුන්වෙන හීනෙකට නමක් දෙන්න නම් මට බෑ..... "
දුරුතු සීතල ඇවිත්
නෙතු කොනේ කඳුළු මල් පිපේවී
නවම් මහ පාළුවට
මළ සුලං රුලි ඔහේ හමාවී
තනිරූල් පොතක නුඹ ගැන ලියූ...
කවි පෙලක් ඉකිගසා හඬාවී
තාරකා නැති තිත්ත කළුවරේ
නොකියා ම මං ගිහින් තියේවී.....
chandana_jayakody@yahoo.com
Saturday, 26 December 2009
The Little Girl & Her Guardian Angle............

The Little Girl & Her Guardian Angle............
මොකුත් ම නොලියා ඉන්න එක හොඳයි කියලා මට හිතුනත් ලියන්න ගොඩාක් දේවල් ඉතුරුවෙලා. අසංකගේ හෝම්කමින් පාටි එක අතරතුර හඳුනන මුහුණු ගොඩාක් තිබුනා. එ'ත් මං එ' එක මුහුණක්වත් කියවන්න උත්සාහ කලේ නෑ. එකට හුඟාක් හේතු තිබුනේ නැතිවුනත් "මිනිසුන්ව කියවන්න උත්සාහ කරන්න එපා" කියලා මගේ හිත මට ම බලකරන්නට වුනා.
මං පුංචි කාලේ සුරංගනා කතා ගොඩාක් කියවලා තියෙනවා. එ'වා අතරින් වැඩි හරියක් මට තේරුනේ ගොඩාක් පහුවෙලා. මොකක් හරි දෙයකින් හිත රිදුන හැම දවසක ම ඇබා සංගීත කණ්ඩායමේ “ I have a dream…” සිංදුව හිතින් මුමුණන්න මම පුරුදු වෙලා හිටියා.
“ I have a dream, a song to sing
To help me cope with anything
If you see the wonder of a fairy tale
You can take the future even if you fail
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
තාමත් දවසකට සැරයක් එ' සිංදුව මගේ හිතට එනවා. (මුළු ලෝකයම ආදරය කරපු ඇබා සංගීත කණ්ඩායමත් පස්සේ කාලෙක කෑලි කෑලි වලට කැඩිලා විනාශවුනා . එ' හින්දම මගේ සුරංගනා කතා එකතුවේ ABBA කතාවත් තියෙනවා).
"සුර+අංගනා" කියලා සිංහලෙන් කිව්වට “Angle” කියන ඉංග්‍රීසි වචනයේ තියෙන්නේ "ස්ත්‍රීලිංගික" තේරුමක් විතරක් නෙමෙයි. ශුද්ධවූ බයිබලයේ ඔවුන්ට කියන්නේ "දේව දූතයන්" කියලා.
" එකමත් එක රටක ලස්සන පුංචි ගෑණු ළමයෙක් ජීවත්වුනා. එයාට කවුරුවත් හිටියේ නෑ (ඇත්තම කියනවා නම් එයා එහෙම හිතාගෙන හිටියා). එයා ජීවත්වුනේ හරිම දුකින්. හැමෝටම පේන්නේ එයාගේ වැරදි විතරයි, කවුරුවත් එයාව හරියට තේරුම් ගන්නේ නෑ කියලා එයා හිතුවා.
එහෙම හිතලා හිතලා ගොඩාක් ම ගොඩාක් දුක හිතිච්ච දවසක එයා මුහුදට පැනලා ජීවිතේ නැතිකරගන්න තීරණය කලා. එ'ත් එයා මුහුදට පනින්න හදනකොටම දේවදූතයෙක් එයා ඉස්සරහා පෙනී හිටියා. "ඔයා කවුද?, අඩුම ගානේ මට මැරෙන්නවත් නිදහසක් නැත්ද ?" ගෑණු ළමයා තරහෙන් ඇහුවා. "මම ඔයාගේ රුකවල් දේවදූතයා.. මම තමයි ඔයාව මෙච්චර කාලයක් බලාගත්තේ.. මං හැමදාම ඔයා ලඟින් හිටියා.. එ'ත් ඔයා මාව දැක්කේ නෑ.." දේවදූතයා කිව්වා.
"බොරු කියන්න එපා.. මට කවුරුවත් හිටියේ නෑ.. ජීවිතේ වැඩිකලක් මම හිටියේ තනියෙම ම යි..." පුංචි ගෑණු ළමයා කිව්වේ ගොඩාක් දුකින්.......
දේවදූතයා එයාගේ මායා බලෙන් පුංචි ගෑණු ළමයාව එයාගේ අතීතයට එක්කගෙන ගියා. අතීතයේ වැලිතලාවේ හැම තැනකම අර ගෑණු ළමයගේ අඩි සළකුණු ලඟින් ම දේවදූතයගේ පා සටහන් තිබුනා. "දැන්වත් ඔයා විශ්වාස කරනවද.. ?" දේවදූතයා ඇහුවා. කාලයේ වැලිතලාව හොඳින් පිරික්සූ ගෑණු ළමයා දේවදූතයා අමාරුවේ දාන්න පොටක් හොයාගත්තා.. (ගෑණු ළමයි එහෙම තමයි..! )
" අන්න අර බලන්න.. ඊයේ දවස.. එතැන තියෙන්නේ මගේ පා සළකුණු විතරයි..කෝ ඔයාගේ අඩි සලකුණු... ජීවිතේ මං වැඩියෙන්ම දුක්වුන දවසේ ඔයත් මාව දාලා ගිහින්.. මට මැරෙන්න දෙන්න ගෑණු ළමයා අඬ අඬා කිව්වා.
දේවදූතයා එතකොට මෙහෙම කිව්වා..." ඊයේ ඔයා හිටියේ හරිම දුකින්... එ' නිසා මම දවස තිස්සෙම හිටියේ ඔයාව වඩාගෙන.. කලබල නොවී එ' දිහා ආපහු බලන්න..."
"මෝඩි.... එ' ඔයාගේ අඩි සළකුණු නෙමෙයි... එ' මගේ අඩි සළකුණු......"
I have a dream, a fantasy
To help me through reality
And my destination makes it worth the while
Pushing through the darkness still another mile
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
I’ll cross the stream - I have a dream….
chandana_jayakody@yahoo.com


